67 වන වරට පවත්වනු ලබන වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රාජමහා විහාරස්ථානයේ ශ්රී සම්බුද්ධ ජයන්ති පෙරහර අද දින වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පෙරහැර අද රාත්රී 07.00 සිට හෙටඅලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිතයි.
පෙරහර හැඳල පුරාණ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී හැඳල මාර්ගය ඔස්සේ හැඳල හන්දිය දක්වා ගමන් කර කොළඹ – මීගමුව මාර්ගය හරහා ගොස් පරණ මීගමුව මාර්ගය ඔස්සේ ගමන්කර නැවත කොළඹ – මීගමුව ප්රධාන මාර්ගයට පිවිස අල්විස් ටවුන්, හැඳල හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත බව පොලීසිය පවසනවා.
මෙම පෙරහර ගමන් ගන්නා කාලය තුල මීගමුව – කොළඹ ප්රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.