තායිලන්තයේ පැවති ආසියානු බොක්සිං ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ උමයංග මිහිරාන් , ලෝකඩ පදක්කම දිනා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය ඉකුත් 2024- 11- 28 දින සිට 2024-12-11 දින දක්වා ආසියානු රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 210 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ චෑන් මායි නුවර දී පවත්වා තිබුණි.
එම තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ තරග කළ උමයංග මිහිරාන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව සිටියා.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයෙක්.
ඔහු ඇතුළු මෙම තරගාවලියට සහභාගී වූ අනෙකුත් ශ්‍රී ලංකාව නියෝජනය කළ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අංශ වල නිලධාරීන් ද , උමයංග මිහිරාන් ගේ දෙමාපියන් සහ ඔහුගේ බාල සොහොයුරා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.