මත්ද්‍රව්‍ය ඇතුලුව විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව නිදහස ලබන පුද්ගලයන් අධීක්ෂණය සඳහා පොලිසිය මගින් විශේෂ බුද්ධි ඒකකයක් යොදවා ඇති බව මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා පවසනවා .
සිරගතවූවන් යළි වැරදි සඳහා යොමු වන්නේ ද යන්න මෙම ඒකකයෙන් නිරීක්ෂණය කරන අතර ඔවුන් යළි වැරදි කරා යොමු වීම වැළැක්වීම එම ඒකකයේ අපේක්ෂාව බවයි ඒ මහතා පැවසුවේ .
මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් .
මෙම වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් දේපොල පිළිබද අපරාධ 649ක් වාර්තාවී ඉන් 444ක් විසදා ඇති බව ඒ මහතා පවසනවා ..
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සිරගත වූවන් යළි සමාජ ගත කිරීමට පෙර විධිමත් පුනරුත්තාපනයකට යොමු කළ යුතු යැයි පෙන්වා දුන් ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කයට පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ලබා ගැනීම වඩාත් සුදුසු බව එහිදී තව දුරටත් පෙන්වා දී තිබෙනවා .