ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රතිසංවිධානය කිරීමට, එම පක්ෂයේ ජාතික සභාව තීරණය කළ බව, පක්ෂ ජ්‍යෙෂ්ට උප සභාපති කනපති කනගරාජ් මහතා පවසනවා.
එමෙන්ම ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය ලංකා කම්කරු කොංග්‍රසය සතු කර ගැනිමට ද ජාතික සභාව තීරණය කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
එම පක්ෂයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊෆය් හැටන් කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේ පැවති ජාතික සභාවේ ගත් තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් කනපති කනගරාජ් මහතා මේ බව කියා සිටියා.
තම පක්ෂය ලබන වසරේ ජනවාරි මස ප්රතිසංවිධාන කටයුතු සිදු කරන බවත්, එහිදි පක්ෂ නායකත්වය හැර අනෙකුත් නිලයන් වෙනස් කර ඒ සඳහා තරුණ කණ්ඩායම් පත් කර, එම කණ්ඩායම්වල අදහස් ලබා ගනිමින් ලංකා කම්කරු කොංග්‍රසය යළිත් ශක්තිමත් කරන බවයි කනපති කනගරාජ් මහතා පැවසුවේ.