විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම ලබන 17 වනදා ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ලබන ජනවාරි සිට ජූනි දක්වා මාස 6 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පිළිබඳ මහජන අදහස් විමසීමයි ලබන 17 වනදා සිට සිදුකෙරෙන්නේ.
මිල සූත්‍රය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුකෙරෙනු ඇති.
ලබන වසරේ මුල් මාස 6 සඳහා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංශෝධනයෙන් පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩල යෝජනාව මෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ නිත්‍ය කාර්ය මණ්ඩල නිර්දේශ පිළිබඳ මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.
ඒ ජනවාරි 8 වනදා දක්වායි.
[email protected] ඊමේල් ලිපිනයට ද එවිය හැකි වනවා.
0764271030 වට්ස් ඇප් අංකයයි.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ද එම අදහස් හා යෝජනා තැපෑලෙන් එවිය හැකියි.
පළාත් මට්ටමෙන් ද මහජන උපදෙස් ලබාදීමට හැකිවනවා.
ඒ සඳහා සැසි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම සඳහා දුරකතන අංක ද හඳුන්වාදීමටයි කටයුතු කර තිබෙන්නේ.
ඒ අනුව මධ්‍යම, උතුර, නැගෙනහිර පළාත් සදහා 0770399119 ඇමතිය හැකියි.
වයඹ, උතුරු මැද සහ බස්නාහිර පළාත් සඳහා 0764271037 අංකය හඳුන්වා දී තිබෙනවා.
දකුණ, සබරගමුව, ඌව පළාත් මහජන උපදේශන අංකය වන්නේ 0763224610 යි.