නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ.එල්.උදය කුමාර පෙරේරා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීවරයෙක්.
එමෙන්ම දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. ඩී. එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත තිබෙනවා.