ඉදිරියේදී ඖෂධ හිගයක් ඇති නොවීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
අද(10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මේ බව පැවසුවේ .
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ දේශීය ව්‍යාපාරිකයන් අතර පැවැති ඇණවුම් ලබා දීමේ ක්‍රියාවලියේ අඩුපාඩු පැවති අතර මේ වන විට එය නිවැරදි කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා .
ඖෂධ වර්ග 350කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 50කට ආසන්න ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව මේ වන විට අනුමැතිය ලබා තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දේශීය නිෂ්පාදයින්ට අවම වශයෙන් මාස 03ක පමණ පෙර ඖෂධ නිෂ්පාදනය සඳහා ඇණවුම් ලබා දිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට එම ප්‍රමාදය නිවැරදි කර ඒ් අනුව දේශීය නිෂ්පාදකයින් එම නිෂ්පාදනය ආරම්භ කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා .