ලෝක ආහාර වැඩසටහන යටතේ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
ඊට අදාළ ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම ලෝක ආහාර සංවිධානය, Uralchem – Uralkali Group සමාගම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්ටෙට් ෆර්ට්ලසියර් කම්පැනි ලිමිටඩ් විසින් සැප්තැම්බර් 20වනදා අත්සන් තබා තිබෙන බවයි සඳහන් වන්නේ .
එම පොහොර තොගය රැගත් නෞකාව අද (10) මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙත භාර දීමේ නිල උත්සවය ලබන12වනදා කොළඹ වරායේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා .
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග ඇමතිවරයා ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගෙන, එකී මුළු පොහොර තොගයෙන් 50%ක ප්‍රමාණයක් වී හා වෙනත් භෝග සඳහාත් ඉතිරි 50% පොල් වගාව සඳහාත් භාවිත කිරීම පිණිස ගොවින් වෙත බෙදා හැරීමටයි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ.