දඹුල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති සතොස වෙළඳසැලට 8 දින රාත්‍රියේ හෝ 09 දින අලුයම කිසියම් පිරිසක් හොරෙන් ඇතුළු වී එහි තිබූ භාණ්ඩ රැසක් සොරා ගෙන ගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මෙ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි
ඇතුළු වූ පිරිස මාර ගස දිගේ පැමිණ , සිවිලිම කඩාගෙන වෙළඳසැල තුළට ඇතුළු වී තිබෙන බවත් පසුව ඔවුන් වෙළඳසැලේ ජනේල විවෘත කරගෙන එළියට යන්නට ඇති බව පොලිසිය සැක පල කරනවා
වෙළඳසැල තුළ තිබුණු ආරක්ෂිත කැමරා පද්ධතියේ උපකරණ පවා සොරුන් විසින් කපාගෙන රැගෙන ගොස් ඇති බවයි පොලිීසිය සඳහන් කළේ.
පොලිස් කණ්ඩායමක් යොදවා ඇඟිලි සලකුණු ලබා ගැනීම සහ පරීක්ෂණ කටයුතු 09 දින උදෑසන සිදුකරමින් පවතින අතර කොපමණ භාණ්ඩ ප්‍රමාණයක් සොරා ගෙන ගොස් ඇත්දැයි යන්න තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකි බව සතොස ආයතනයේ කළමනාකාරය මණ්ඩලය සඳහන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ