මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.
කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතරදී පීල්ලක් කැඩී යාම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
කඩිනමින් එය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.