ජල ගැලීම් වලින් විනාශයට පත් වගා බිම් සඳහා වන්දි ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ හානි තක්සේරු කිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක තක්සේරු කටයුතු අවසන් අදියරේ පවතිනවා.
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ ඉදිරි දින දෙක තුළ තක්සේරු අවසන් කිරීමෙන් පසු වන්දි ලබාදීම ආරම්භ කළ හැකි බවයි.
අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ජල ගැලීම් වලින් දිස්ත්‍රික් කීපයක වගා බිම් රැසකට හානි සිදුවුණා.
වී සහ බඩඉරිගු වගාකළ ඉඩම් අක්කර 395,000ක් ජලයෙන් යටවුණා.
ඇතැම් වගාබිම් තවමත් ජලයෙන් යටව පවතින බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.
ජලය බැසයාමෙන් පසු හානි වූ ඉඩම් ප්‍රමාණය පිළිබදව නිශ්චිත ගණනය කිරීම් සිදුකළ හැකි වනවා.
කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අදාළ ප්‍රදේශවලට ගොස් වගා හානි පිළිබද නිරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ගොවි ජනතාවට වගා හානි පිළිබද දැනුම් දීමට දික 14ක කාලයක් ද ලබාදී ඇති බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ.
හානි සිදුවූ අක්කරයක් සදහා රුපියල් 40,000ක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
එය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා උපෙදස් දී තිබෙනවා.
ඊට අදාළ සියලු සැළසුම් ක්‍රියාත්මක කෙරෙන බවයි ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි සී, බී සහ පුලස්තිගම ගොවිජන බල ප්‍රදේශවල වගා හානි ගණනය අවසන් කර තිබෙනවා.
වගා හානි හේතුවෙන් අස්වනු අඩුවීමත් සමග ක්ෂේත්‍ර කීපයක බරපතල ගැටලු මතුව පවතිනවා.
සත්ව ගහණය අඩු කිරීම මේ සඳහා ප්රමුඛ විසදමක් ලෙස හදුනාගත්තද ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ප්‍රායෝගික තත්ත්වයේ නොමැති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය සිදුකළ පර්යේෂණයකින් ද තහවුරු වී ඇත්තේ ඇතැම් ප්‍රදේශවල සත්ව ගහනයේ විශාල ඉහළ යාමක් පවතින බවටයි.
මේ අතර වගාවන්ට මෙතරම් බලපෑමක් සිදුකර ඇති ඇතැම් සත්ත්ව කොටස් ගහනය පාලනය කළ යුතු බවට පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානය ද පෙන්වා දෙනවා.