හම්බෙගමුව පොලිස් වසමේ වැව් ඉස්මන්ත ප්රදේශයේ රක්ෂිත භූමියක් තුළ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි තණමල්විල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම ගංජා වගාව අක්කරයක භූමි ප්රමාණයක වගා කර තිබු අතර එහි අඩි 3 ක් පමණ උසට වැඩුණු ගංජා ගස් 18000ක් පමණ තිබූ බවයි හම්බෙගමුව පොලිසිය පවසනේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හම්බෙගමුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.