ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ තිස්සමහාරාම සහල් මෝල් විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද පියවර ගත්තා.
දෛනිකව වෙළෙඳපොළට ලබා දෙන සහල් තොග සම්බන්ධයෙන් අධීක්ෂණය කරන ලෙසටයි ජනාධිපතිවරයා ඊයේ උපදෙස් ලබා දුන්නේ.
ඒ අනුව පොළොන්නරුව මහා පරිමාණ මෙන්ම මධ්‍ය සහ සුළු පරිමාණ සහල් මෝල් පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
සහල් මෝල්වල දැනට පවතින තොග වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය මෙන්ම සහල් මෝල්වල දෛනික නිෂ්පාදනය කරන සහල් තොග පිළිබඳ සියලුම් වාර්තා ලබා ගැනීම මෙහිදී සිදුකරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.