පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් විනාශයට පත්වූ කුඹුරු ඇතුළු වගා බිම් සඳහා වන්දි ලබා දීම සඳහා එම බිම් පරීක්ෂා කිරීමට කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ නිලධාරීන් පියවර ගත්තා.
විනාශයට පත් වගා භූමි වෙත ගිය නිලධාරීන් හානි පිළිබඳ සොයා බලා තක්සේරු සිදුකිරීම ආරම්භ කර තිබෙනවා.
පසුගියදා ඇතිවූ මහා ගංවතුර හේතුවෙන් වගා බිම්වලට වැලි එක්රැස්වීම හේතුවෙන් එම භූමි සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.
පොළොන්නරුව නව නගරය, සේවාගම, පුලතිසිගම , මැදිරිගිරිය යන ගොවිජන සේවා බලප්‍රදේශවල ගොවිබිම්වලටයි දැඩි බලපෑම් එල්ලවුණේ.
වගාබිම් නිරීක්ෂණය කළ කෘෂිකර්ම නිලධාරින් ප්‍රකාශ කළේ වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි සති කිහිපය තුළ ගන්නා බවයි.