නීති විරෝධිව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩිකොළ කිලෝ ග්රෑම් 555ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මීගමුව කලපු ප්රදේශයේ සහ හැදල මුහුදු ප්රදේශයේ කළ සෝදිසි කිරීම්වලදීයි මෙම බීඩිකොළ තොගය සොයා ගෙන ඇත්තේ.
ඩිංගි යාත්රාවක්ද නාවික හමුදා භාරයට ගැනුනා.
නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත වේගප්රහාරක මුර යාත්රාවක් හැදල මුහුදු ප්රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබු පාර්සල් 20ක් සොයා ගත්තා.
ඒවායෙහි බීඩිකොළ තිබි හමුවී තිබෙනවා.
නාවික හමුදාවේ පැමිණීමත් සමග මේවා මුහුදට අතහැර දමා ඇති බවටයි සැක කෙරෙන්නේ.