දොඩංගොඩ නෑහින්න ප්රදේශයේ දී යතුරු පැදියක් ගසක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
දොඩංගොඩ කැටහගහේන ප්රදේශයේ අධික බෑවුම් සහිත ස්ථානයකයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
අධික වේගයෙන් හා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරට ලක්වූ දෙදෙනා රෝහල් ගත කරන විටත් මිය ගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ දොඩංගොඩ නෑහින්න ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.