බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ ක්‍රියාකළා.
ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අද දිනයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණා.
මේ අතර නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලොහාන් රත්වත්තේ මහතා ඇප මත නිදහස් කෙරුණේ පෙරේදා දිනයේදීයි.