ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්ත නැමැත්තාට අයත් බව කියන ටී 56 වර්ගයේ ගිණිඅවියක්, රිවෝල්වරයක්, ජීව උණ්ඩ හා මත්කුඩු තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිඔය කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ කළ වැටලිමකදීයි මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ටී 56 වර්ගයේ ගිණිඅවිය මනූෂ්‍ය ඝාතන රැසක් සිදු කිරීම සඳහා යොදා ගෙන ඇති බව හෙළිව තිබෙනවා.
මෙම ගිනි අවියෙන්ම මිට පෙර අවස්ථා දෙකකදි මනුෂ්‍ය ඝාතනයන් සිදු කර ඇති අතර, එක් ඝාතනයකදී යුධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් අතර තවත් ඝාතනයක් සිදුවන්නේ දැනට ඩුබායි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගෙ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත් වු තැනැත්තෙකු ද වෙඩි තබා ඝාතනය කිරීමයි.
අනතුරුව මෙම ගිනි අවියෙන් ම පෙරේදා සිදු වු වෙඩිතැබීමෙන් 73හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.