කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතිකළ යුතු බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා .
අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ අද (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනුයි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ .
රට අර්බුදයෙන් ගොඩ ගැනීමට ආර්ථිකමය වෙනසක් සිදුකිරීමට සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා .
මානව සම්පත දියුණු කිරීමට නොහැකි නම් රටක දළදේශීය නිෂ්පාදනය වැඩිකිරීමට හැකියාවක් නැති අතර කර්මාන්ත සඳහා සුදුසු බදු ප්‍රතිපත්තියක් ඇති කළ යුතු අතර ව්‍යවසායකත්වය පුළුල් කිරීමට කටයුතු කළ යුතු බවයි අබේසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.