බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරුණා.
තායිලන්තය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් පිරීම නිමිත්තෙන් හා තායි මහා රජතුමාගේ 6 වැනි උපන්දින සංවත්සරය සැමරීම සඳහා බුදුන් වහන්සේගේ දළදා වහන්සේ චීනයේ සිට තායිලන්තයට වැඩම කර තිබෙනවා.
ධාතූන් වහන්සේ රැගත් චීනයේ සිට විශේෂ ගුවන් යානයක් ඊයේ දහවල් බැංකොක්හි හමුදා ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.
සනම් ලුආන්ග්හි තැන්පත් කිරීමට ධාතූන් වහන්සේ මහා මාර්ගය ඔස්සෙ වැඩම කෙරුණා.
අග්‍රාමාත්‍ය පායේතොන්ග්තාන් ශිනවත්‍රා පිළිගැනීමේ උත්සවයේ මුලසුන දැරුවා.
ගෞරවනීය බෞද්ධ ධාතූන් වහන්සේ නමක වන මෙම ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කෙරුණේ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය හා බීජිංහි රාජකීය තායි තානාපති කාර්යාලය එක්වයි.