දකුණු කොරියානු පොලිසිය ජනාධිපති යූන් ඇතිකිරීමට ගිය කැරැල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
දකුණු කොරියානු පොලිසිය එරට පැය කිහිපයක් යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති යූන් සුක් යොල් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් හමුදා නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කර තිබුණා.
මෙය කැරැල්ලක් ඇති කිරීමට ගත් උත්සාහයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරුන් කියා සිටින්නේ එහි සැලැස්ම ගැන දන්නේ කිහිප දෙනෙක් පමණක් බවයි.
එරට උප ආරක්ෂක ඇමතිවරයා තමන් ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශ කළ බව දැනගත්තේ ප්රවෘත්ති තුළින් බව පැවසීමත් සමඟ පෙරේදා රාත්‍රියේ සමාව අයැද සිටි ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යූන්ගේ ඉල්ලා අස්වුණා.
ඊයේ උදෑසන එරට පාර්ලිමේන්තුවේ පැවති හදිසි ඡන්දයකින් පසු ජනාධිපතිවරයා මෙතෙක් අදහස් පළ කර නැහැ.
ඔහුගේ තීරණය ආපසු හැරවීමට කටයුතු කළ අතර ඉල්ලා අස්වීමට බලපෑම් එල්ල වී තිබෙනවා.
විරුද්ධ පක්ෂ ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති අතර සෙනසුරාදා දිනයේ එහි ඡන්ද විමසීම පැවැත්වෙනවා.