මැදපෙරදිග ලෙබනන – ඊශ්‍රායල යුද්ධය නිසා , අසරණ වූ , ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
කුඩා ළමයින් 05 දෙනෙකු , කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ පිරිසට අයත් .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සඳහා සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ), ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පියවර ගෙන තිබුණා.
මේ වනවිට ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු මේ අකාරට රැගෙන විත් තිබෙනවා.
මෙම ශ්‍රී ලාංකිකයන් 27 දෙනා ඊයේ දින රාත්‍රී 11.30 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.