දකුණු අප්රිකාවේ පැවති 11 වන පොදු රාජ්ය මණ්ඩලීය කරාටේ ශූරතා තරගාවලියේ දී , ශ්රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ක්රීඩක ක්රීඩිකාවන් පිරිස රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 14 ක් දිනා ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම තරගාවලියට ඉකුත් 11/27 දින සිට 12/02 දින දක්වා දකුණු අප්රිකාවේ ඩර්බන් නුවර , පොදු රාජ්ය මණ්ඩලයට අයත් රටවල් 23 ක ක්රීඩක ක්රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටියා.
පදක්කම් ජයග්රහණයත් සමග තරගාවලියේ දී ශ්රී ලංකාව 06 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.
මෙම ක්රීඩකයින් පිරිස අද උදෑසන දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්රී ලංකා කරාටේ සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ඔවුන්ගේ දෙමාපියන් සහ එම ක්රීඩක ක්රීඩිකාවන් ඉගෙනුම ලබන පාසැල් වල විදුහල්පතිවරුන් , ගුරුභවතුන් සහ සහෝදර සිසුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඉකුත් 2019 වසරේ මෙම තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකාවට දිනා ගැනීමට හැකි වී තිබුණේ ලෝකඩ පදක්කම් 02 ක් පමණයි.