ප්‍රංශ රජයට එල්ල වූ විශ්වාසභංගය පරාජය වීමත් සමග එරට රජය බිඳ වැටුණා.
විශ්වාසභංගයෙන් අගමැති මිචෙල් බාර්නියර් බලයෙන් පහ කිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටී තිබෙනවා.
ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් ඔහු පත් කර මාස තුනකට පසුවයි විශ්වාසභංගය ඉදිරිපත් වුණේ.
ඔහුට එරෙහි යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍යව තිබූ අතර ඡන්ද 331 ක් ලැබීමත් සමග බහුතර අනුමැතියෙන් යෝජනාව සම්මත වුණා.
1962 වසරෙන් පසු විශ්වාසභංගයකින් පසු ප්‍රංශ රජයක් බිඳවැටුණු පළමු අවස්ථාව ද මෙය වනවා.
එමෙන්ම මෙය ප්‍රංශයේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරනු ඇති.
පසුගිය හදිසි මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ තනි කණ්ඩායමකට බහුතර බලයක් නොතිබූ අතර ජනාධිපති මැක්රොන් විසින් අනුප්‍රාප්තික අගමැතිවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.
ඔහු භාරකාර අගමැති ලෙස රැඳී සිටීමට ඉඩ තිබෙනවා.