ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පසුගිය සති කිහිපය ඇතුළත ඊශ්‍රායලය මෙම රෝහලට එල්ල කළ පස්වැනි ප්‍රහාරය ද මෙයයි.
අල්-අහ්ලි රෝහල ඇතුළු රෝහල් මියගිය අයගේ සිරුරු හා තුවාල ලැබුවන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන අතරතුරයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ගතවූ පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 36 දෙනෙකු මිය ගොස් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ද පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් සමග පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාමය බිඳ දමා ඇති බවට ද චෝදනා එල්ල වනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ගැටුම් වලින් පලස්තීනුවන් 44,502ක් මිය ගොස් 105,454ක් තුවාල ලබා තිබෙනවා.