Woman of the World තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ශෙහානි උමල්ශා අනුශූරතාවය දිනාගත්තා.
තරගාවලිය පැවැත්වුණේ පිලිපීනයේදීයි.
2024 Woman of the World තරගාවලිය පිලිපීනයේදී මෙවර පැවැත්වුණේ පස්වන වරටයි.
නොවැම්බර් 16 වනදා සිට 24 වනදා දක්වා තරගාවලිය පැවැත්වුණා.
ජපානය නවසීලන්තය , පිලිපීනය , මැලේෂියාව , සිංගප්පූරුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25ක තරගකාරිනියන් ඒ සඳහා එක්ව සිටියා.
මෙහි ශූරතාව ඩුබායි රාජ්‍යට හිමිවුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් වූ ශෙහානි උමල්ෂා තරගාවලියේ අනූශුරතාව දිනාගත්තා.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකාව වන මයුමි ශ්‍රීමාලි 2017 වසරේදී මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත්කර දීමට සමත්වුණා.