මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල ප්‍රදේශයේ සිවු කල හදිසි වැටලීමකදී මෑත කාලයේ මොණරාගල
පොලිස් බල ප්‍රදේශයෙන් සොයාගත් වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 37g ක් සහ 100mg ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවායේ
වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් 25,42 හැවිරිදි හුලංදාව සහ මාරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් ඉදිරි විමර්ශන සදහා මොණරාගල පොලිසිය වෙත භාර දී ඇතිඅතර එම සැකකරුවන් අද (03) දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.