ඉන්දීය කන්නඩ සිනමාවේ සුරූපී නිළි ශෝභිතා ශිවන්නා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොන්ඩාපූර් හි පිහිටි සිය නිවසේදී ඇය මියගොස් සිටියදී සොයා ගත් බවරී එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ශෝභිතා මියගොස් ඇත්තේ ගෙල වැලලාගෙන බවයි වාර්තා වන්නේ.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාන්ධි රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
ඇගේ ඛේදජනක මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
එරදෝන්ඩලා මූරු, අටෙම්ප්ට් ටු මර්ඩර් හා වන්දනා ඇතුළු ජනප්‍රිය කන්නඩ චිත්‍රපට කිහිපයකටම ශෝභිතා රංගනයෙන් දායක වී තිබෙනවා.
ඇය ටෙලිකතා මාලා වලට ද රංගනයෙන් දායක වී තිබෙනවා.
මිය යනවිට ශෝභිතා 22වන වියේ පසුවුණා.