ඉදිරි දින කිහිපය ඇතුළත මෙරට වායු තත්ත්ව දර්ශකය සාමාන්‍ය අගයට හැරෙනු ඇති බවට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ (පරිසර අධ්‍යාපන), මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.
වායු තත්ත්ව දර්ශකය ඉහළ යාම නිසා සෞඛ්‍යයට එල්ල වූ බලපෑම් ද ඉදිරි දින කිහිපය තුළ අඩු වී යනු ඇති නමුත් මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් ඇති කළ හැකි බැවින් එවැනි පුද්ගලයින් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද ඒ මහතා මෙහි දී මහජනතාවට දැනුම් දුන්නා.
ජාතික පරිසර අධිකාරිය ජාතික පාරිසරික පනත යටතේ මෙරට වායු තත්ත්ව නිරීක්ෂණය කිරීම සහ එම දර්ශක හඳුනාගැනීම, නියාමනය කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
පසුගිය දිනවල මෙරට වායු තත්ත්වය 100-180 අතර අගයක තිබුණ ද ඊයේ (01) වන විට 100-110 අතර අගයක පැවති අතර වායු තත්ත්ව දර්ශකය 100 ට වැඩි වීම තරමක් අහිතකර බවයි ඒ මහතා සඳහන් කළේ.
එම අගය 50ට අඩුවීම හිතකර සහ මෙරට නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වක් බවත්, නමුත් 0-100 ත් අතර අගය මහජනතාවට ගැටලුකාරී නොවන තත්ත්වයක් බවත්, ගෝලීයව සිදුවන වායු දූෂක කාරකවල බලපෑම මෙරට වායු තත්ත්ව දර්ශකයේ අගය වෙනස් වීම කෙරහි බලපාන බවත් ඒ මහතා වැඩිිදුරටත් සඳහන් කළා.