කැරලිකරුවන් සිරියා ජනපති මන්දිරයට ඇතුළු වී තිබෙනවා.
සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලෙප්පෝ හි පිහිටි මන්දිරයට සිරියා කැරලිකරුවන් ඇතුළු වී තිබෙනවා.
ජිහාඩ්වාදී කැරලිකරුවන් රජයේ හමුදාවන්ට එරෙහි ඔවුන්ගේ අඛණ්ඩ සටන් දිගටම සිදු කරගෙන යමින් සිටිනවා.
ජනාධිපති මන්දිරයේ තුවක්කුකරුවන් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණා.
පසුගිය බ්‍රහස්පතින්දායි කැරලිකරුවන් නගරයේ බලය අත්පත් කරගත්තේ.
කෙසේ වෙතත් සිරියානු හමුදාව නැවත සංවිධාන වී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ද එය සාර්ථක වූයේ නැහැ.
මේ අතර ඉරානය හා රුසියාව ද සිරියාවට සහාය පළ කරමින් යුද ආධාර සිරියාවට ලබා දී තිබෙනවා.