ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සිය පුතු වන හන්ටර් බයිඩන්ට නිල සමාවක් නිකුත් කර තිබෙනවා.
තුවක්කු හා බදු වැරදි සම්බන්ධයෙන් මේ මාසයේ දඬුවම් පැමිණවීමට නියමිතව සිටි හන්ටර් බයිඩන්ට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල සමාවක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා තම පුත්‍රයාට සමාව නොදෙන්නේ හෝ ඔහුගේ දඬුවම ලිහිල් නොකරන බවට බොහෝ දෙනා අදහස් පල කර තිබූ අවස්ථාවක මෙම සමාව ලබා දීම විශේෂත්වයක්.
එහෙත් ඊයේ සවස ජනාධිපති බයිඩන් කියා සිටියේ තමා අධිකරණ පද්ධතිය විශ්වාස කළද දේශපාලනය මෙම ක්‍රියාවලිය උත්සන්න කර ඇති බවයි.
පසුගිය ජූනි මාසයේදී තුවක්කුවක් ළඟ තබාගෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු වීමේ චෝදනා වලට හන්ටර් වරදකරු වුනා.
ජනාධිපතිවරයෙකු බලයේ සිටියදී අපරාධයකට වරදකරුවෙකු ව සිටින පළමු දරුවා බවට ද ඔහු පත්ව තිබෙනවා.