ජා ඇල පොලිස් වසමේ කෝරළේයවත්ත ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් 28,39,55 වයස්වල පසුවන රාගම, ජා ඇල ප්රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් සන්තකයේ තිබී මත්පැන් 3637 L ක් 500 ML සහ බෝතල් 4850 ක් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම මත්පැන් ප්රවාහනයට යොදා ගත් කාර් රථයද භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජා ඇල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.