19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථානය ලකුණු 131කින් පරාජයට පත් කරමින්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් වුණා.
අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 28යි පන්දු 02ක් අවසානයේ සියළු දෙනා දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 112ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිව්ටන් රංජිත්කුමාර්, විහස් තෙව්මික, සහ විරාජ් චමුදිත කඩුළු 02 බැගින්ද, ප්‍රවීන් මනීෂ කඩුළු 03ක්ද, කුගදාස් මාතුලන් එක් කඩුල්ලක්ද දවා ගත්තා.
මෙම ජයග්‍රහණයත් සමග ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකරගෙන සිටිනවා.