වව්නියාව කුඩා කච්චකොඩිය ප්‍රදේශයේ කුඹුරක මඩේ එරී වැටී සිටින ඇතින්න බැකෝ යන්ත්‍රයකින් එසවීමට පියවර ගත්ත ද ඇවිදයාමට නොහැකි බව වනජීවී නිලධාරීන් පවසනවා.
මෙම ඇතින්න වයස අවුරුදු 50 ටත් වඩා වැඩිවීම ඊට හේතුව බවයි එම නිලධාරීන් පෙන්වා දෙන්නේ.
වව්නියාව කුඩා කච්චකොඩිය ප්‍රදේශයේ කුඹුරක මඩේ එරී වැටී සිටින වන අලියාට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර ලබාදීම ආරම්භකර තිබෙනවා.
ඒ උතුරු පළාත් වනජීවී පශු වෛද්‍ය බී ගිරිධරන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
වන අලියා නැගිට්ටවීමට දැඩි උත්සාහයක් දැරුවද එය අසාර්ථක වුණා.
ඒ හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් මගින් අලියා ඔසවා තැබීමට වන ජීවී නිලධාරීන් උත්සාහ දරා තිබෙනවා.
වන අලියා වයසින් වැඩිවීම මෙන්ම මේ වනවිට දැඩි දුර්වල තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් වන අලියා ඔසවා තැබීම අපහසු බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
ඒ හේතුවෙන් එම ස්ථානයේදීම ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදුකරන බවයි වනජීවී කාර්යාලය පවසන්නේ.