ගසක් කැපීමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසනවා.
හල්දුම්මුල්ල, සීලතැන්න ප්රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල, සීලතැන්න පදිංචිව සිටි ලලිත් පද්මසිරි නමැති (60) හැවිරිදි එක්දරු පියෙක්.
චේන්සෝ යන්ත්රයක් ආධාරයෙන් ගසක් මුලින් කපමින් සිටියදී ගසේ අත්තක් අධිබලැති විදුලිරැහැනක වැදීමෙන් පසු මොහුට විදුලිසර වැදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හල්දුම්මුල්ල දිසාරෝහලේ තැන්පත් කර තිබෙනවා.
හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.