අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 309ක්.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 286ක්.
භූමිතෙල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 5කින්. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 188ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල නොවෙනස්ව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ.