ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233 කින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
දකුණු අප්‍රිකාව තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් පළමු ඉනිම සඳහා ලකුණු 191 ක් රැස් කළා.
ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 42 ක් පමණයි.
එය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමක දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වනවා.
ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 13යි පන්දු 05 කට සීමාවීම ද තරගයේ කැපී පෙනෙන අවස්ථාවක්.
ලකුණු 149 ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව කඩුළු 05 ක් දැවී ලකුණු 366 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.
ඒ ලකුණු 516 ක ජයග්‍රාහී ඉලක්කයක් ශ්‍රී ලංකා පිලට ලබා දෙමින්.
ඒ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 282 ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 83 ක් රැස් කළ දිනේෂ් චන්දිමාල්.
තරගය පුරාවට කඩුළු 11 ක් බිද හෙලූ මාකෝ ජැන්ෂන් තරගයේ වීරයා සම්මාන දිනාගත්තා.
දෙරට අතර දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වනදා ආරම්භ වනවා.