උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හතේ කණුව ප්රදේශයේ සිදුවු නායයාමක් හේතුවෙන් බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.
මෙම නායයාම හේතුවෙන් උඩවර ප්රදේශයේ නිවසක් විනාශයට පත් වු අතර දුම්රිය මාර්ගයට පස් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිරවී තිබෙනවා.
මේ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට නියමිතව තිබු දුම්රිය 4ක් තවදුරටත් බදුල්ල දුම්රිය ස්ථානයේ නවත්වා ඇති අතර සීමිත දුම්රිය ප්රමාණයක් කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා පමණක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.