මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා මහාචාර්ය පුහුණුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දී ලබාදීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගත්තා.
මෙම සිසුන්ට මහාචාර්ය පුහුණව ලබාදීම සඳහා සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් ගැටලු රැසක් මතුව තිබුණා.
ඒ පිළිබද අවධානය යොමුකරමින් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මාළබේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකෙරුණා.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 400 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබනවා.
එහි 4 වන වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වෛද්‍ය සිසුන් ලබන වසර මැද භාගය වන විට මහාචාර්ය පුහුණව සඳහා අනිවාර්යෙන් යොමුකළ යුතුයි.