පවතින කාලගුණික තත්ත්වය සහ උතුරු දිශාවෙන් පැමිණෙන දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද (30) දිනය තුළ වායු ගුණ තතත්ව දර්ශකය 92 ත් 120 ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කෙසේ නමුත් නුවරඑළිය, ඇඹිලිපිටිය, කළුතර, හම්බන්තොට සහ මොණරාගල යන නගරවල පමණක් වායු ගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවයි ඔවුන් වැඩිදුරත් පවසන්නේ.
එම සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තා අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගර 108 ත් 116 ත් අතර අගයකත්, යාපනය සහ පොලොන්නරුවේ එම තත්ත්වය 112 ත් 120 ත් අතර අගයක් දක්වාත් අද (30) දිනයේ ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඊට අමතරව කුරුණෑගල, වවුනියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල සහ ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම වායුගුණ තත්ත්වය දර්ශකය සියයට වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව බින්දුවත් 50 ත් අතර පැවතීම යනු යහපත් මට්ටම වන අතර එය 51 ත් 100 ත් අතර පැවතීම මධ්‍යස්ථ මට්ටමයි.
කෙසේ නමුත් 101 ත් 150 ත් අතර සුළු වශයෙන් අහිතකර වන අතර 151ත් 200 ත් දක්වා අහිතකර මට්ටම ලෙසයි දැක්වෙන්නේ.
එම තත්ත්වය හේතුවෙන් පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන ලෙසයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.