නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරෙන් තවත් 100 කට වඩා අතුරුදහන් ව ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම නයිජීරියාවේ නයිජර් ගඟේ යාත්‍රා කළ බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්වුණා.
ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සියේ ප්‍රකාශකයෙකු වන ඊබ්‍රාහිම් අවුඩු පැවැසුවේ මෙම බෝට්ටුව කොගී ප්‍රාන්තයේ සිට නයිජර් හි ආහාර වෙළඳපොළකට මගීන් 200 ක් පමණ රැගෙන යමින් සිටියදී අනතුරට ලක්වූ බවයි.
කිමිදුම්කරුවන් යොදා ගනිමින් අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළිව නැහැ.
ජීවිතාරක්ෂක කබා නොමැතිව ගමන් කිරීම මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වී තිබෙනවා.