දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි නාවික හමුදාව පවසනවා.
එම සහන කණ්ඩායම් තව දුරටත් ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටිනවා.
ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නාවින්නවේලි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මයිලපන්චේනි, සාෆිනගර්, මුත්තුච්චෙන්නායි (තුවක්කුව හංදිය), මුතුර් හංදිය, කට්ටපරිච්චාන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරාක්රමපුර (මාඔය), බුද්දන්ගල (වැලි ඇල) යන ප්‍රදේශයන්හි ඇතිවි ඇති ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කර තිබෙනවා.
එහිදී ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසු ආහාර බෙදාදීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදාවේ අමතර සහන කණ්ඩායම් 125ක් සූදානමින් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ.