සිරියා කැරලිකරුවන් වසර 8කට පසු එරට ඇලෙප්පෝ නගරයේ පාලනය තමන් සතු කර ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍යය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ සිරියා කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි ප්‍රදේශ ගණනාවක පාලනය තමන් සතු කරගෙන ඇති බවයි.
මෙම පියවර වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය ද වනවා.
2016 දී හමුදාව විසින් බලහත්කාරයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට එරෙහිව සටන් කරන කැරලිකරුවන් ඇලෙප්පෝ වෙත ළඟා වූ පළමු අවස්ථාව ද මෙයයි.
කෙසේ වෙතත් තමන් ඇලෙප්පෝ හා ඉඩ්ලිබ් පළාත්වල නගර ගණනාවක බලය ලබා ගත් බව රජයේ හමුදා පවසනවා.
2011 දී සිරියාවේ පැවැති විරෝධතා මර්දනය කිරීමෙන් පසු ඇතිවූ සිවිල් යුද්ධයෙන් මිලියන පහකට වැඩි පිරිසක් මිය ගියා.