කොට්ටාව – ගල්කිස්ස බස් මාර්ගයේ ගමන් කළ මගියෙකුට බස් කොන්දොස්තරවරයෙක් සහ රියදුරුවරයෙක් ඇතුළු පිරිසක් පහරදී ඇි අතර, මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගෙන ඇත්දැයි සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැක පිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඔවුන් අද දිනය දක්වා රිමාණ්ඩ් ගත කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
බස් රථය දිගු වේලාවක් නවත්වාගෙන සිටීම සහ තවත් හේතු කිහිපයක් ගැන ප්‍රශ්න කිරීම මෙම පහර දීමට හේතුව වී තිබෙනවා.
මේ පිලිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්