නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තියට ජපාන රජය ප්‍රශංසාව පල කර තිබෙනවා.
ඒ, ජපාන තානාපති අකියෝ ඉසොමාටා ඊයේ(28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවූ අවස්ථාවේදීයි.
මෙරට සෞඛ්‍ය සේවාව තුල ජපාන ආධර යටතේ දියත් කෙරෙන ව්‍යාපෘතීන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට යන ආරම්භ කර ඇති ව්‍යාපෘතීන්වල ප්‍රගතිය පිළිබදව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම ජපන් රජය මෙරටට ලබා දෙනු ලබන ව්‍යාපෘතීන් ,ප්‍රධානයන් නව රජය ජනහිත සුවය සඳහාම යෙදවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත්
ප්‍රකාශ කර සිටියා .