ආන්දෝලනයට තුඩු දුන් කොරියානු රැකියා යටතේ ලබාදී ඇති ඊ එයිට් වීසා ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොරියා තානාපති මියෝන් ලී මහත්මිය දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා සමග අදහස් හුවමාරු කර ගත්තා.
දකුණු කොරියා තානාපතිවරිය හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාව පැවැත්වුණේ එම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයී.
මෙරට සංචාරක කර්මාන්තය පිළිබදව ද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.
මෙරට ප්‍රවාහන ක්ෂේත්රය දියුනු කිරීම මෙන්ම කොරියානු රජය යටතේ හම්බන්තොට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල මතුව තිබෙන ගැටලු සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයා දැනුවත් කෙරුණා.
සුහදාව වර්ධනය කරගනිමින් තිලිණ හුවමාරුවක් ද සිදු වුණා.