රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බව ත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය පසුගියදා ප්‍රකාශකර තිබෙනවා .
එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එහි ඇති රත්තරන් වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බවයි (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) එම කාර්යාංශය සඳහන් කර තිබෙන්නේ .
මීට පෙර ලොව විශාලතම රන් නිධිය ලෙස දකුණු අප්‍රිකාවේ ගැඹුරු පතලකින් හමුවේ මෙට්‍රික් ටොන් 930 ක රන් නිධිය සැලකුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර දක්වනවා .
චීනය සතු නවීන ත්‍රිමාන තාක්ෂනය භාවිත කරමින් මෙම රන් නිධිය සොයා ගැනීමට හැකියාව ලැබුණු අතර එහිදී ඩ්‍රිල් යන්ත්‍රය යොදා ගනිමින් විදිනු ලැබූ සෑම ගලකම පිරිසිඳු රත්තරන් හමුවූබව හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කරනවා .
එසේම එම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවද එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා .