පසුගිය නොවැම්බර් 14 වනදා වන විට ඉන්දියාවේ ගුවන් සේවා හා ගුවන්තොටුපොලවලට ව්‍යාජ බෝම්බ තර්ජන 999ක් ලැබී ඇති බව එරට නියෝජ්‍ය සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා පවසනවා.
ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් එරට නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා අමාත්‍ය මුරලිදර් මොහොල් තවදුරටත් පැවසුවේ මෙය පසුගිය වසරේ ලැබුණු තර්ජනවලට වඩා දස ගුණයක වැඩිවීමක් බවයි.
මෙම තර්ජනවලින් 500කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ ඔක්තෝම්බර් මස අවසන් සති දෙක තුල වීම විශේෂත්වයක්.
මේ සියල්ලම අසත්‍ය තර්ජන වූ අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.