පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් මහතා සිය රාජකාරී ආරම්භ කළා.
පළාත් පාලන ආයතනවලින් මහජනතාවට සපයන සේවාවන් මහජන මිත්‍රශීලි ස්වභාවයකින් ලබාදීම සඳහා වන වෙනස්කම් හදුන්වා දිය යුතු බවයි රාජකාරී ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජකාරී ආරම්භ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභාත් පින්නවල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.