අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා.
පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති අතර 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එක් අයෙකු අතුරුදන්.
බලපෑමට ලක්වූ පිරිස හාරලක්ෂ හතලිස් එක් දහස් පන්සිය අනූවක් වනවා.
පුද්ගලයන් තිස් අටදහස් හයසිය දහසය දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිනවා.
විපතට පත්වූවන් සහන සැලසීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.
යාපනය දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ මූලිකත්වයෙන් පියරව ගෙන තිබෙනවා.
අදාළ අංශ සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
යාපනය අර්ධද්වීපයේ ආපදා සහන මෙහෙයුම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
දැනට ක්‍රියාත්මක සහන සේවා කටයුතුවල ප්‍රගතිය පිළිබදව ද ඒ මහතා සොයා බැලුවා. කට්කුලම් විද්‍යාලය සහ පේදුරුතුඩුව මධ්‍යමහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වු ඒ මහතා ඇතුළු පිරිස විපතට පත්වූවන්ට වියළි ආහාර බෙදා දීමටද පියවර ගත්තා.
අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස නල්ලූර් ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබදව ද සොයා බැලුවා.
උතුරු පළාත් ආණ්ඩුකාර ආර් නාගලිංගම් චේතනායහන්, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්වුණා.
ජල ගැල්මෙන් විපතට පත් නැගෙනහිර පළාතේ ගොවීන්ට හා ධීවරයන්ට වන්දි ලබා දීමට රජය කටයුතුකරන බව අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.